ගෝලීය දේශගුණික විපර්යාස දිනය සැමරීම වෙනුවෙන් කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසල සවිකර තිබු චිත්‍රයක් නිසි අවසරයකින් තොරව ප්‍රදර්ශනය කළ බව කියමින් පොලිස් පරිසර ඒකකය ඉවත් කිරීමේ සිද්ධිය මේ වන විට සමාජය තුල ප්‍රබල කතිකාවතක් බවට පත්ව තිබෙනවා.
පරිසරවේදියෙකු මෙන්ම නීතිඥයෙකු වන ජගත් ගුණවර්ධනයන් විසින් ඒ සම්බන්ධයෙන් තබා තිබු සටහනයි…
‘ගෝලීය දේශගුනික විපර්යාස දිනය සැමරීම පිනිස සිදුකිරීමට තිබූ විරෝධයකට දරුවන් පිරිසක් වන වනසත්ව සහ ස්වභාව ආරක්ශන සංගමයේ යෞවන අංශයේ සාමාජිකත්වය විසින් ස්වේච්ඡාවෙන් මහත් වෙහෙසක් ගෙන නිමවා කොලඹ මහනගර සභාවෙන් නිසි අවසරය ගෙන සවිකල චිත්‍රය ඉවත්කිරීම ඉදා දැඩි අප්‍රසාදයට ලක්වී තිබෙන කරුනකි.
මෙවන් චිත්‍රයක් හෝ දැන්වීමක් හෝ ප්‍රදර්ශනයට අදාල නීතිමය තත්වය ජාතික පාරිසරික පනත යටතේ ප්‍රකාශිත 2019.11.05 දිනැති අංක 2148/19 දරන අතිවිශේශ ගැසට් පත්‍රයේ පලකරන ලද 2019 අංක 01 දරන දැන්වීම් පුවරු සහ ප්රචාරක පුවරු පාලනය කිරීමේ (දෘශ්ථි දූශනය) නියෝග මගින් ප්‍රකාශකර තිබේ.
මේ නියෝගයන්හි ඇති 03 වන නියෝගය අනුව එවන් යම් දැන්වීම් පුවරුවක් හෝ ප්රචාරක පුවරුවක් හෝ සිතුවම්,අක්ශර වැනි ඕනෑම නිරූපනයක් ප්රදශනය සඳහා අදාල බලධාරීන් විසින් ලබාදෙන අවසරය අත්‍යාවශ්‍යය.එහි උප ලේඛනයේ දක්වා තිබෙන අදාල බලධාරී ආයතන මාලාවේ 14 වන අංකය යටතේ තිබෙන්නේ “මහනගර සභා ආඥා පනත යටතේ ස්ථාපනය කරන ලද මහ නගර සභා”වේ.
ඒ අනුව අදාල චිත්‍රය ප්‍රදර්ශනය කිරීමට තිබෙන භූමිය කොලඹ මහනගර සභාවට අයත්වූ නිසා කොලම්Bඅ මහනගර සභාවෙන් ඊට අදාල අවසරය ලබාගත යුතු වේ.
මේ අවස්ථාවේදී ඔවුන් එම අවසරය ලබා තිබූ අතර එම ලිපියේ පිටපතක් මවිසින් දුටිමි. මෙසේ නිසි අවසරය සහිත චිත්‍රය ඉවත්කලේ කිනම් පදනමකින්ද යන්න නොවැටහෙන්නකි.
කලකට ප්‍රථම තාප්පවල සහ බිත්තිවල අඳින චිත්‍ර වලටද මේ නියෝග මෙලෙසින්ම අදාලය.මේවා අතරින් මෙසේ අවසරය ලබා කල බිත්ති සිතුවම් කොතෙක් තිබේද යන්නත් කුහුල දනවන්නකි.
කෙසේ වෙතත්,දරුවන් පිරිසක් තම සමාජ යුතුකම සහ වගකීම් ඉටු කිරීමට ගත් ප්රයත්නයට සහාය දෙනු වෙනුවට ඔවුන් අධෛර්යමත් කිරීමටත්,ඔවුන් කරන්නට යෙදුනු සත්ක්‍රියාව කඩාකප්පල් වන හෝ ව්‍යාර්ථ වන සේ සිදුකල ක්‍රියාව කිසි සේත් අනුමත කල නොහැකි,අනුමත කල නොයුතු සහ අමනෝඥ ක්‍රියාවක් ලෙස දකිමි.
අපගේ යුතුකම සහ වගකීම වන්නේ තම අනාගතය පිලිඹඳ වගකීම භාරගෙන,වඩාත් යහපත් අනාගතයක් වෙනුවෙන් යම් දායකත්වයක් ලබාදෙන දරුවන්ට ශක්තියක්,පිටුවහලක් සහ ධෛර්යයක් ලෙස ක්‍රියා කලයුතුය යන්න බව මා සැමදා තරයේ විශ්වාශ කරමි.ඒ වෙනුවෙන් ඔවුනට දිය හැකි උපකාරයක් හෝ ශක්තියක් වීමට කිසි විටකත් පසුබට නොවෙමි’.