කොළඹ පරිසරය ආරක්ෂා කිරීමට වත්මන් රජය කැපවී සිටින බවත් නගරය තුල පෝස්ටර් ඇලවීම සහ බැනර් ප්‍රදර්ශණය කිරිමට අවසර ගත යුතු බව පොලිස් පරිසර සංරක්ෂණ කොට්ඨාෂයේ අධ්‍යක්ෂක රොෂාන් රාජපක්ෂ පවසනවා.
විහාරමහා දේවි උද්‍යානය අසල සවිකර තිබු පරිසර සංරක්ෂණය ගැන දැක්වෙන සිතුවමක් ඉවත් කිරිමට පොලිස් පරිසර ඒකකය අද කටයුතු කළා.
ඒ එම චිත්‍රය ප්‍රදර්ශණය කිරිමට නිසි අවසර ලබාගෙන නොමැති බව සඳහන් කරමින්.
” ජනාධිපතිතුමා එතුමාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩසටහනේදී පවා බැනර්, කටවුට්, පෝස්ටර් පාවිච්චි කළේ නැහැ. ඉස්සර වගේ කොළඹ නගරයේ කුණු ගොඩ ගැහිලා නැහැ. අපි හැමදාම නගරය නිරීක්ෂණය කරනවා. නගරයේ ලස්සනට ගස්, මල් වවලා තියෙන්නේ.
අද පරිසරය ගැන කථිකාවතක් ඇතිවෙලා තියෙන්නේ අපේ රජය ආවට පස්සේ” ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.