අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට දර සපය ලොරි රථය උපයෝගී කරගෙන තහනම් ද්‍රව්‍ය ඇතුලු කිරීමට ගත් උත්සාහයක් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් අද අනාවරණ කර ගත්තා.
බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බන්ධනාගාර නිලධාරීන් සමග එක්ව අද පස්වරු 3.30ට පමණයි මෙහෙයුම සිදුකර ඇත්තේ.
එහිදී බන්ධනාගාරයට දර සපයන ලොරියේ ඇතුලත තිබූ විශේෂයෙන් සකස් කරන ලද කොටයක් තුල සගවා තිබු සුරුට්ටු 570ක්, ජංගම දුරකථන 7ක්, චාජර් 3ක් සහ ඩේටා කේබල් 3ක් සොයාගත්තා.
බන්ධනාගාර ඉතිහාසය තුල මේ ආකාරයට බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය ගෙනයාමට දැරූ පළමු උත්සාහය ලෙසටයි මෙය වාර්තා වන්නේ.
ලොරියේ රියදුරා අඟුණකොලපැලැස්ස පොලිසියට භාරදී තිබෙනවා. වැඩිදුර පරීක්ෂණ අඟුණකොලපැලැස්ස පොලිසිය විසිනුයි සිදුකරනු ලබන්නේ.
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරය බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාවට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ද යොදා ඇති බන්ධනාගාරයක්.