අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව විසින් පවරා තිබු නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා අද නියෝග කළා.
ඒ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන රුපියල් ලක්ෂ 412 කට අධික වටිනාකමින් යුත් දේපල සහ මුදල් අයථා අන්දමින් ඉපයීමක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණා.
මෙම නඩුව ගොනු කර ඇති ආකාරය අල්ලස් පනතේ ප්‍රතිපාදන වලට පටහැනි බැවින් එය ඉල්ලා අස්කර ගන්නා බවයි අධිකරණය හමුවේ අල්ලස් කොමිෂන් සභාව දැනුම් දෙනු ලැබුවේ.
විත්තිකරුට එරෙහිව ගොනු කළ අධි චෝදනා ඉවත් කර ගන්නා බව අල්ලස් කොමිෂන් සභාව දැනුම් දීමෙන් පසු විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර සිටියා.