අනුර කුමාර දිසානායක ගෙනුත් ප්‍රශ්න කරනවා : මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර

March 19, 2021 at 9:59 AM

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වී මරාගෙන මැරුණ මොහොමඩ් ඉල්හාම් හා මොහොමඩ් ඉන්සාෆ් යන තරුණ ව්‍යාපාරික සහෝදරයින් දෙදෙනාගේ පියා වන මොහොමඩ් ඊබ්‍රාහීම් නැමැති කෝටිපති ව්‍යාපාරිකයා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ගෙන්ද ඉදිරියේදී කරුණු විමසන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වී මරාගෙන මැරුණු දෙදෙනා එම ප්‍රහාරය සාර්ථක කර ගැනීම සඳහා රුපියල් කෝටි තුනකට අධික මුදලක් වැය කර ඇතැයිද තොරතුරු හෙළි වී තිබෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

පිටකොටුව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලන කාර්යාලය ඊයේ (18 ) විවෘත කිරීමෙන් පසුව පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ගෙන් ප්‍රශ්න 03ක කාලයක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අවසරය ලබාදුන් බවද මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.