කොළඹ ආසාදිතයින් යළි ඉහළට. බත්තරමුල්ලේ කොවිඩ් ව්‍යාප්තියක්.

March 19, 2021 at 7:43 AM

ගතවූ දිනයේ කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් ගණන දින කීපයකට පසු 100ඉක්මවා ගොස් තිබේ.

ඊට හේතුවී ඇත්තේ බත්තරමුල්ල ආශ්‍රිතව ඇතිවූ කොවිඩ් ව්‍යාප්තිය කි. බත්තරමුල්ලේ ආසාදිතයින් 56ක් වාර්තා වී තිබේ.

මීට අමතරව සපුගස්කන්ද ප්‍රදේශයෙන් ද ආසාදිතයින් 46ක් වාර්තා වී තිබේ.

මේ එලෙස දිස්ත්‍රික්ක වලින් වාර්තා වූ ආසාදිතයින් ගණනයි.