දුරකතන ජාල හුවමාරු කිරිමේ පහසුකම ඔක්තෝම්බර් මාසයේ සිට හිමිවන ලකුණු

March 18, 2021 at 3:50 PM

ජංගම සහ ස්ථාවර දුරකථන සඳහා වන ජාල හුවමාරු කර ගත හැකි වන සේවාව 2021 ඔක්තෝබර් සිට බලාත්මක වනු ඇතැයි අපේක්ෂා කරනවා.

ඩේලි මිරර් පුවත්පතට අනුව, ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) මෙම වසර අවසානයේදී මෙම සේවාව හඳුන්වා දීමට සැලසුම් කර ඇති අතර එමඟින් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ වත්මන් අංකය රඳවා තබා ගනිමින් සේවා සපයන්නන් වෙනස් කිරීමට හැකියාව ලැබෙනවා.

දුරකථන ජාල හුවමාරු කර ගත හැකි සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ මුලදී මහජන අදහස් විමසීම සිදුකිරීමට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් කටයුතු කරනු ලැබුවා.

ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඔෂධ සේනානායක කියා සිටියේ මෙම ප්‍රතිපත්තිය සඳහා සියලුම දුරකථන ක්‍රියාකරුවන්ගේ සහාය ලබා ගැනීම සඳහා තාක්ෂණික සාකච්ඡා අදියර කරා පැමිණ ඇති බවයි.

මෙම කටයුත්ත සඳහා පාකිස්තාන විදුලි සංදේශ අධිකාරිය සමඟ සාකච්ඡා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

දුරකථන ජාල හුවමාරු කිරීමේ පහසුකම මගින් යහපත් ප්‍රථිපල උදාකර ගැනීමට පකිස්ථාන සන්නිවේදන කේෂ්ත්‍රයට හැකියාව ලැබී තිබෙනවා.