ආබාධිත හමුදා සෙබළෙකුට පහර දුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්

March 18, 2021 at 10:28 AM

ආබාධිත හමුදා සෙබළෙකුට සිදුකර තිබූ පහරදීමක් සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ 44 හැවිරිදි මන්ත්‍රීවරයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බණ්ඩාරගම පොලිස් වසමේ රයිගම ප්‍රදේශයේදී අදාළ පහරදීම සිදුව තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ.

අත්අඩංගුවටගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.

මේ අතර බියගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු විසින් බියගම ප්‍රදේශයේ පිහිටි ආපන ශාලාවකට බලහත්කාරයෙන් ඇතුළු වී පහරදීමක් සිදුකර තිබුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයාව අත්අඩංගුවටගෙන ඇති අතර පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ බීමතින් පැමිණ අදාළ ප්‍රහාරය එල්ලකර තිබෙනවා.

සැකකාර 43 හැවිරිදි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයාව අද (18) මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.