රට තුළ ගෑස් හිඟයක් නොමැති බැවින් ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැතැයි මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී රටේ ආර්ථික තත්ත්වය සහ වෙළෙඳපොළ සම්බන්ධයෙන් පැවැති සමාලෝචන රැස්වීමකට එක් වෙමිනි.
සහල්, පොල් , කිරිපිටි, මාළු, මස්, බිත්තර, පරිප්පු, ධාන්‍ය, රතුළුණු , අර්තාපල් එළවළු සහ ගෑස් ඇතුළු ජන ජීවිතයට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහන මිලකට සැපයීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය එකකය සඳහන් කළේ.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පෙන්වා දී ඇත්තේ, ගෑස් සමාගම් මේ වනවිට මිල ඉහළ දැමීමට අවසර ඉල්ලා ඇති බවයි.