හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 08ක් රිමාන්ඩ් 

March 17, 2021 at 6:15 PM

බැඳුම්කර වංචා නඩුවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 08 දෙනෙකු මෙම මස 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් තීන්දුවකට අනුවයි.

රුපියල් බිලියන 36.89 ක මුදලක් රජයට අහිමි කිරීමේ චෝදනාව යටතේ රවී කරුණානායක ඇතුළු පිරිසට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකරනු ලැබුවා.