අමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රු. 201 ඉක්මවයි

March 17, 2021 at 4:02 PM

මෙරට මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 201 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (17) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 201.75 ක් ලෙසින් වාර්තා වනවා.

මේ අතර අද දින ඩොලරයක ගැනුම් මිල ද වාර්තා ගත ලෙස ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණෙමින් රු. 197.58 ක් දක්වා වැඩි වී තිබෙනවා.

මහ බැංකු විනිමය අනුපාතයන්ට අනුව මීට පෙර ඩොලරයක් සඳහා වූ ඉහළ විකුණුම් මිල 2020 අප්‍රේල් 09 දින වාර්තා වී තිබුණු අතර එය රු. 200.47 ක් ලෙසින් සටහන්ව තිබුණා.