“මෙවැනි දෙයක් ජාතික උත්සවයක කීමට සිදුවීම ගැන සමාවෙන්න”

March 17, 2021 at 1:31 PM

1996 ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණයේ සැමරීම වෙනුවෙන් අද පැවති උත්සවයේදී හිටපු ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග විසින් ක්‍රිකට් පරිපාලනයට එරෙහිව දැඩි විවේචනයක් එල්ල කරනු ලැබුවා.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද එම අවස්ථාවට එක්ව සිටිය අතර හිටපු ක්‍රිකට් නායකයා විසින් සිය කතාවේදී අගමැතිවරයාගෙන් ද සමාව අයැද සිටියා.

” අගමැතිතුමනි, ඔබතුමාගේ ආරාධනාව ලැබුනම මම ඇතුළු මගේ ක්‍රිකට් පවුල මේ වැඩසටහනට එක්වුයේ සැබවින්ම සතුටින්. මොකද අපි ජනප්‍රිය නොවූ කාලයේදී ඔබතුමා අපි වෙනුවෙන් විශාල කැපවීමක් සිදුකළ අයෙක්.

නමුත් අගමැතිතුමනි මෙතනට ආවම ඉන්න අය දැකලා මට හැරිලා යන්න හිතුනා.

ඉස්සර ක්‍රිකට් තරග පාවාදීමේ ප්‍රධාන තැනක් ගත්තේ පාකිස්ථානයයි. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දුෂණ විරෝධී කාර්යාලයක් පිහිටෙව්වේ ලංකාවේ. මොකද අද තරග පාවා දීමේ ස්ථානයක් වෙලා අපි” හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා කියා සිටියා..