ලෝක උරුම වැසි වනාන්තරයක් කියන තැනින් සිංහරාජය අයින් වෙලා යාවි : සිරස ලක්ෂපති වැඩසටහනේ තරුණිය සංවේදී වෙයි (VIDEO)

March 16, 2021 at 10:15 PM

සිරස ලක්ෂපති වැඩසටහනේදී සිංහරාජ වන විනාශය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ඊට සහභාගිවූ තරුණියගෙන් වන සංරක්ෂණ නිලධාරීන් අද දිනයේදී කරුණු සටහන් කර ගෙන තිබෙනවා. එම තරුණියගෙන් මිට දින දෙකකට පමණ ඉහතදී පොලිස් නිලධාරින් ද පැමිණ ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණා.

වන සංරක්ෂණ නිලධාරීන් පැමිණ තමන් ගෙන් ප්‍රශ්න කිරීමේදී දැඩිව කතා කළ බවයි එම තරුණිය ප්‍රකාශ කර සිටියේ.

” ඒ ඉඩම පහු කරගෙන ඇවිත් මාව ප්‍රශ්න කරන නිලධාරීන් වන විනාශය සිදුවන ඉඩමේ හිමිකරුවන්ගෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නොගැනීම ප්‍රශ්නාර්ථයක් බවයි” එම තරුණිය කියා සිටියේ.

“මම ඒ ඉඩමේ අයිතිකරු කවුද කියන්න දන්නේ නැහැ. ඒ වගේම මගේ පිටි පස්සෙන් කවුරුත් ඇත්තෙත් නැහැ. මම කොහොමත් කෑගහනවා. මොකද දවසක ඒ කැලේ ඉන්න සත්තුන්ට මොකද වෙන්නේ? මගේ ප්‍රකාශයෙන් දවසක් යන්න කලින් ගෙදරට පොලිසියෙන් ඇවිත් මගෙන් ප්‍රකාශයක් ගන්නවා. ඉතින් මේ වන විනාශය ගැන ඉදිරියටවත් කවුරුත් කතා කරන එකක් නැහැ. මේ වන විනාශය දවසක ලෝක උරුම වැසි වනාන්තරයක් කියන තැනින් මේ සිංහරාජය ඉවත් වෙලා යයි” එම තරුණිය වැඩිදුරටත් කියා සිටියා.