ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පළමුවරට ඩිජිටල් කරණයෙන් තැපැල් මුද්දර නිකුත් කිරීම ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අද ආරම්භ කෙරිණි.
ඒ අනුව රුපියල් 25 ක වටිනාකමින් යුත් මුද්දරයක් QR කේතය සහිතව අද පළමු වරට නිකුත් කිරීම සිදුවිය.
එම මුද්දරය සම්බන්ධයෙන් හෝ ඒ ආශ්රිත වැඩිතර තොරතුරු එහි QR කේතය ස්කෑන් කර මුද්දර කාර්යාංශයේ ශ්‍රී ලංකා තැපැල් වෙබ් අඩවියට පිවිස ලබාගත හැක.
ඒ අනුව එම මුද්දරය සම්බන්ධ තොරතුරු හා ඡායාරූප ඉතා පහසුවෙන් ලබාගත හැක.
මෙරට තැපැල් ඉතිහාසයේ පළමු මුද්දරය නිකුත් කරනු ලැබූවේ 1857 අප්‍රේල් 01 දා වන අතර මේ දක්වා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් විවිධ අවස්ථා සහිත සැමරුම් මුද්දර විශාල ප්‍රමාණයක් නිකුත් කර ඇත.