ක්ෂේත්‍ර රැසකට අදාළව බදු සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව බදු හිමිවන බදු සහන පහතින් දැක්වේ,
සම්පුර්ණයෙන් අහෝසි වන බදු වර්ග :
*කෘෂි වගාවන් සඳහා පැවති 14% ක බද්ද,
* තොරතුරු තාක්ෂණය සම්බන්ධ 14% බද්ද,
* මැණික් හා ස්වර්ණාභරණ අපනයනය සඳහා 14% ක බද්ද.
අඩු කෙරෙන බදු වර්ග :
* මැණික් හා ස්වර්ණාභරණ දේශීයව අලෙවි කිරීම 28%ක බද්ද 14%කට අඩු කෙරේ
* ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 28%ක බද්ද 14%කට අඩු කෙරේ කෘෂි සැපයුම් 28%ක බද්ද 14% ක් දක්වා අඩු කෙරේ
* නිෂ්පාදන සඳහා වන බද්ද 28% සිට 18% දක්වා අඩු කෙරේ
* වෙළඳ, බැංකු, මූල්‍ය රක්ෂණ බදු 28% සිට 24% දක්වා අඩු කෙරේ
වෙනස් නොවන බදු වර්ග :
* මත්පැන් ,දුම්වැටි ,ඔට්ටු ඇල්ලීම සහ සූදු සඳහා වන 40% බද්දේ කිසිදු වෙනසක් සිදු නොවේ
මීට අමතරව පෞද්ගලික ආදයම් බදු අනුපාතයන් ද වෙනස් වී ඇති බව කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටියේ.