කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා ලැබුණු අවස්ථාව සම්බන්ධයෙන් ඉන්දීය රජයේ, ශ්‍රී ලංකා රජයේ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි නායකයින් වෙත සිය කෘතඥතාවය පළකරන බව අදානි සමූහයේ ප්‍රධානී ගෞතම් අදානි පවසයි. ට්විටර් පණිවුඩයක් මගින් ඔහු මේ බව කියා සිටී.
මෙම හවුල්කාරිත්වය සුවිශාල අන්තර් සම්බන්ධිත ඉතිහාසයක් ඇති රටවල් අතර ගැඹුරු උපායමාර්ගික සබඳතාවල සංකේතයක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51%ක ආයෝජනය සඳහා අදානී සමාගමට ඇරයුම් කර ඇති බවයි. ඉතිරි 49%ක කොටස් වල ආයෝජනය සඳහා වරාය අධිකාරිය හා දේශිය ආයෝජකයින්ට අවස්ථාව ඇති බව ඔහු සඳහන් කළේ.
කෙසේවෙතත් අදානී පෝට්ස් ඇන්ඩ් ලොජිස්ටික්ස් සමාගමේ නිල වෙබ් අඩවියේ සඳහන් වන්නේ තම සමාගම ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග එක්ව ඉදිකර ක්‍රියාත්මක කර පවරා දීමේ පදනම මත වසර 35ක කාලයක් කොළඹ වරායේ බටහිර පර්යන්තය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවයි.