ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර පත් කළ බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල උපුටා දක්වමින් අරුණ පුවත්පත වාර්තාකර සිටිනවා.
ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරය දැරූ ජගත් වික්‍රමසිංහ අදාළ ධුරයේ කටයුතු කරන බව ඊයේ උදෑසන ඇතැම් ජනමාධ්‍ය ආයතන වාර්තා කර තිබීම පිළිබඳව කරන ලද විමසීමකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේ.
‘‘නැහැ. ඔවුන් තනතුරුවලින් ඉවත් වුණා කියලා ලිඛිතව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දීලා තියෙනවා. ලබන සතියේ නිශ්චිතවම නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් ගුවන් විදුලියට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා’’ යැයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.