අවුරුදු දෙකක් හොදට හිටපු ළමයා එක පාර මාස 03ක ළමයෙකු ගානට වැටුණා : මිනිස්සු හරි නපුරුයි (VIDEO)

March 15, 2021 at 10:29 PM

“මගේ පුතාට අවුරුදු දෙකේදී එකපාරටම ඔට්සම් රෝගයට ගොදුරු වුණා… මම ජිවිතයේ පලවෙනි පාරට දෙවියන් ගෙන් ඇහුවා ඇයි මට මෙහෙම වෙන්නේ කියලා… නමුත් මම ලැබුණු දේට ස්තුතිවන්ත වෙලා ජිවත් වෙන්න තීරණය කළා” මෙරට ගායන කලාවේ ජනප්‍රිය ගායිකාවක් වන උමරා සිංහවංශ තමන්ගේ ජිවිතයේ අත්විදීමට සිදුවූ අති සංවේදී සිදුවීමක් සම්බන්ධයෙන් Hari TV නාලිකාවේ ලහිරු මුදලිගේ සමග බෙදා ගත්තා.

ඔටිසම් රෝගයට ගොදුරු වීමට පෙර තම පුත්‍රයා සාමාන්‍ය ළමයෙකු මෙන් කටයුතු කළත් එක් වරම එයා වෙනස් වෙන්න පටන් ගත්තා.

එයා කන්නේ නැහැ, බොන්නේ නැහැ. ළමයා අපි නැතුව ඉන්නේ නැහැ. එයාගේ ඔට්සම් රෝග ලක්ෂණ පෙන්නන්න කොට මමයි මගේ මහත්තයයි ගොඩක් මානසිකව වැටුණා.

එහෙදි තමයි මම තීරණය කලේ හොංකොං ඉදලා ලංකාවට එන්න ඕන කියලා.

අපි හිනා වෙලා හිටියට ඇතුලෙන් හිටියේ පුදුමාකාර පිඩනයකින්. ඒත් මම අවසානයේ තිරණය කළා ඇත්තට මුහුණ දෙන්න.

” සමහර වෙලාවට මිනිස්සු මුණට කෙළ ගහන්න පටන් ගත්තා… ෆුඩ් සිටි වලදී ළමයා කෑගහන කොට මිනිස්සු බනිනවා මේ මොංගල් ළමයෙක් කියලා බනිනවා අපිට අහන් ඉන්න උනා. මිනිස්සු හරි නපුරුයි”

කලාකරුවන් ලෙස සෑම දෙනෙකුම සමාජය ඉදිරියේ යම් ප්‍රතිරූපයක් ගොඩ නගා ගෙන සිටියත් සෑම කෙනෙක්ගේම ජීවිතය තුල විවිධ හැලහැප්‍පීම් තිබෙන බවයි උමරා සිංහවංශ සඳහන් කලේ.

උමාරා සිංහවංශ සමග සිදුකළ සම්මුඛ සාකච්ජාව පහතින් :