පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව සමතුන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීමට නිකුත් කළ කඩ ඉම් ලකුණ පහත හෙළන ලෙස ඉල්ලා සිසු සිසුවියන් සහ දෙමව්පියන් පිරිසක් අද උද්ඝෝෂණය ක නිරත වුණා.
කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලින් ආරම්භ වූ මෙම පාගමන අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා ගමන් ගත්තා.
අනතුරුව පොලිස් නිලධාරීන් විසින් සිසු සිසුවියන් සහ දෙමව්පියන් සාකච්ඡාවක් සදහා අග්‍රාමාත්‍ය කාර්යාලයට රැගෙන ගොස් තිබෙනවා.
එහිදී ගැටළු සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී සාකච්ඡාවක් ලබාදෙන බවට ලිඛිත දැනුම්දීමක් සිදුකළ බව පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය සඳහන් කළා.
මෙවර කඩ ඉම් ලකුණ ඉහල අගයක් ගැනීම ට එරෙහි විරෝධතා නිසා ළමුන් බඳවා ගැනීම මාර්තු 1 දක්වා මසකින් කල් දැමුන ද මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පති වරුන්ට දන්වා ඇත්තේ කඩ ඉම් ලකුණ වෙනස් නොකොට අදාල බඳවා ගැනීම් සිදුකරන ලෙසයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පසුගිය සතියේ පෙත්සමක් ද ගොනුකෙරුණා.