සංක්‍රාන්ති ලිංගිකයින් ( ට්‍රාන්ස්ජෙන්ඩර්ස්) සමාජයේ වැරදිකරුවන් කොටසක් ලෙස හැඳීන්වීම නොකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පසුගිය 08 වෙනිදා පොලිස් පරීක්ෂකවරයෙකුට දැනුම් දෙනු ලැබුවා.
මහේස්ත්‍රාත්වරයා එලෙස දැනුම් දෙනු දුන්නේ නිරෝධායන නීති උල්ලංඝණය කරමින් කොල්ලුපිටියේ නිවාස සංකීර්ණයක් තුළ කාමරයක් නිදා සිටියේ යැයි කියන සිද්ධියකට අදාළව සංක්‍රාන්තික ලිංගිකයන් කිහිපදෙනෙකුට එරෙහිව පැවරූ නඩුවක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සංක්‍රාන්ති ලිංගිකයන් (ට්‍රාන්ස්ජෙන්ඩර්ස්) පිරිමි වෙස්ගත් කාන්තාවන් ලෙසට විවෘත අධිකරණය හමුවේ හැඳීන්වූ අවස්ථාවේදීය.
හැම ජෙන්ඩර් එකකටම ගරුත්වයක් තිබිය යුතු බවත් පිරිමී වෙස්ගත් ගෑනු වෙස්ගත් පිරිමි කියා කොටසක් නැති බවද කොටුව මහේස්ත්‍රාත්වරයා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට විවෘත අධිකරණයේදී දන්වා සිටියා.
සංක්‍රාන්තික ලිංගිකයන් වැරදිකරුවන් කොටසක් ලෙස හැඳීන්වීම සිදුනොකලයුතු බවද ඔවුන් වරදක් සිදුකර ඇත්නම් ඒ පිලිබඳව පමණක් කරුණු දැක්වීම සුදුසු වන බවද කොටුව මහේස්ත්‍රාත්වරයා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට වැඩිදුරටත් දන්වා සිටියා.