නෝවුඩ් පාසලක 5 පන්තිය වැසේ. දරුවෙකුට කොවිඩ්

March 15, 2021 at 1:05 PM

කොවිඩ් – 19 අසාදිත සිසුවෙකු හමුවීම හේතුවෙන් නෝර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ 05 වසර පන්තිවල අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන තිබේ.

එම විද්‍යාලයේ 05 වසරේ සිසුවෙකුට කොවිඩ් – 19 වෛරසය අසාදනය වී ඇති බවට ඊයේ දින තහවුරු වී තිබුණි.

ඒ අනුව එම පාසලේ 05 වසරේ අධ්‍යාපන කටයුතු එළඹෙන 22වන දින දක්වා ආරම්භ නොවේ .

නොර්වුඩ් පුස්තකාලයේ පුස්තකාලාධිපතිනියට කොවිඩ් – 19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වු අතර ඇයගේ පුතා මෙම පාසල් සිසුවා යි.

එම ආසාදිත මව සහ පුතා වලපනේ නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර තිබේ.