ජපානයේ නගෝයා හි ආගමන රැඳවුම් මධ්‍යස්තානයක රඳවා සිටි 33 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බව ඩේලි මිරර් වාර්තා කර සිටිනවා.
ටෝකියෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කර සිටින්නේ පසුගිය මාර්තු මස 06 වෙනිදා මෙලෙස මරණයට පත්ව ඇත්තේ 33 හැවිරිදි කාන්තාවක් බවයි.
වීසා බලපත්‍රය කල් ඉකුත්වීම හේතුවෙන් මෙම කාන්තාව පසුගිය වසරේ ආගොස්තු මාසයේ සිට නගෝයා හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ සිට ඇති බවයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ.
ජපානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් කණ්ඩායමක් විසින් නගෝයා හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයට ගොස් එහි බලධාරීන් හමුවී මේ පිළිබඳව සාකච්ජා කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකොට අදාළ වාර්තාව නොපමාව ලබාදීමට කටයුතු කරන බවට රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි නිලධාරින් ශ්‍රී ලංකා බලධාරීන්ට පොරොන්දුවී තිබෙනවා.
මුලික විමර්ෂණ වලදී හෙළිවී ඇත්තේ ගම්පහ පදිංචි මෙම කාන්තාව 2017 වර්ෂයේදී ශිෂ්‍ය වීසා මත ජපානයට පැමිණ ඇති බවයි.
ඇයගේ වීසා බලපත්‍රය කල් ඉකුත්වීම හේතුවෙන් ජපාන ආගමන බලධාරීන් විසින් ඇයව පසුගිය වර්ෂයේ අගෝස්තු මාසයේ සිට නාගෝයා හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් එහි රඳවා තබා තිබෙනවා.
මධ්‍යස්ථානයෙන් ලද ආහාර සම්බන්ධයෙන් ඇය අවස්ථා ගණනාවකදී බලධාරීන්ට පැමිණිලි කර ඇති අතර ඒ හේතුවෙන් ඇය ශාරීරිකව දුර්වල අඩියකට පත්ව තිබෙනවා.
මෙහිදී ඇයව අවස්ථා 06 කදී වෛද්‍යවරුන් විසින් පරික්ෂා කර ඇති අතර දෙවතාවක් රෝහල් ගත කර ඇත.
කෙසේ වුවත් මරණයට හේතුව මේ දක්වා නොදන්නා බවත් සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් ඉක්මනින් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයට දන්වා ඇති බව ටෝකියෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා සිටිනවා.