රුපියල් බිලියන 15.9 කට ආසන්න රජයේ බදු මුදලක් අහිමි කරලමින් සිදුවූ බව කියන සීනි ආනයනය කිරීමේ වංචාව සම්බන්ධයෙන් විශේෂ විගණනයක් දියත් කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසනවා.
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මේ සඳහා කටයුතු සිදු කරමින් සිටින බවයි විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න උපුටා දක්වමින් නිව්ස් ෆර්ස්ට් වෙබ් අඩවිය වාර්තා කර සිටියේ.
මෙම ගනුදෙනුවට සම්බන්ධ ආයතනයෙන් ඊට අදාළ තොරතුරු හා ලිපිගොනු ලබාදෙන ලෙසට දන්වා ඇති බවද විගණකාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.