සාකච්ඡාවක් පමණයි තිබ්බේ.! විභාග කොමසාරිස් අධ්‍යාපන ලේකම්ට කියයි. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් දැමීකට තීරණය කර නෑ .අධ්‍යාපන ලේකම් කියයි.

March 14, 2021 at 7:50 PM

අද පෙරවරුවේ ප්‍රකාශයට පත්කල පරිදි උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තුවේ දී නොපැවැත්වීමට තීරණයක් මෙතෙක් ගෙන නැතැයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.

ඒ සම්බන්ධයෙන් පාසල් ආරම්භ වූ පසු තීරණය කෙරෙන බව ඔහු සඳහන් කලේය.

අදාල කරුණ ගැන විභාග කොමසාරිස්වරයා තමන් ඇමතූ බවත්

විභාග පැවැත්වීම ගැන සාකච්ඡාවක් පමණක් පැවැත්වූ බවත් ඊට එක්වූ පළාත් අධ්‍යාපන බලධාරීන් විෂය නිර්දේශ ආවරණය නොවීම වැනිකරුණු මතුකළ බවත් ඔහු පැවසූ බව අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් වරු දෙකම අධ්‍යාපන කටයුතු සිදුකොට සතිඅන්තයේ ද පාසල් පවත්වා මෙම සිසු කණ්ඩායම් විභාගය ට සූදානම් කිරීමේ හැකියාවද සොයාබැලීමට නියමිතය.

අනෙක් අතින් ප්‍රශ්න පත්‍ර සැකසීම වැනි කකරුණු ද බලපාන බැවින් මේ පිලිබඳ කඩිනමින් තීරණයකට එළවෙන බවත් අධ්‍යාපන ලේකම්වරයා පැවසීය.