කොත්මලේ රම්බොඩ දිය ඇල්ල අසල සංචාරක නිකේතනයකට පැමිණ අතුරුදහන්ව සිටි තරුණයා රම්බොඩ දිය ඇල්ල අසල පිහිටි ගල් තලාවක සිටියදි අද දින උදැසන 10 ට පමණ සොයාගත් බව කොත්මලේ පොලිසිය පවසනවා.
අනුරාධපුර ප්‍රදේශයේ සිට පැමිණි 09 දෙනකු ගෙන් යුත් තරුණයින් කණ්ඩායමක් ශ්‍රී පාද වන්දනාවේ ගොස් ඊයේ දින පස්වරුවේ කොත්මලේ රම්බොඩ දිය ඇල්ල අසල සංචාරක නිකේතනයකට ගොස් නවාතැන් ගෙන ඇත.
එම තරුණයන් පිරිස මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදි අතුරුදහන්ව සිටි තරුණයා එම සංචාරක හෝටලේ උඩු මහලේ ආලින්දයෙන් බිමට පැන අද අලුයම 1.00 ට පමණ රක්ෂිතය හරහා බැවුමේ පිහිටි රම්බොඩ දිය ඇල්ල පහලින් පිහිටි ගග දෙසට ගොස් තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සිදුකළ දැනුම් දීමක් අනුව අතුරුදහන්ව සිටි තරුණයාව සොයා කොත්මලේ පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අද (14) දින උදැසන මෙහෙයුමක් දියත් කල අතර එහිදි අතුරුදහන්ව සිටි තරුණයා ගග අසල ගල් තලාවක් මත සිටියදි සොයාගෙන ඇත.
අතුරුදහන්ව සිටි තරුණා සුළු තුවාල කිහිපයක් තිබු නිසා තරුණයා කොත්මලේ රෝහල වෙත ඇතුලත් කල බවයි කොත්මලේ පොලිසිය සඳහන් කළේ.