සමගි ජන බලවේගයේ මන්ත්‍රී අශෝක් අබේසිංහ සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් පළ කර සිටියා.
“පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන එක්තරා විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙක් චෝදනා කරලා තිබුණා මේක පිටුපස්සේ, මමත්, බැසිල් රාජපක්ෂ මහතා හා නිශ්ශංක සේනාධිපති කියලා. මම CID එකට කිව්වා මේ තොරතුරු ඔයගොල්ලෝ අරගන්න. මන්ත්‍රීතුමාට එන්න කියලා දන්න දේ කියන්න කියලා. තොරතුරු වසන් කිරීම සාපරාධී ක්‍රියාවක්. ඒ තොරතුරු අහන්න ගියාම ඒ මන්ත්‍රීතුමා කියනවා මම දන්නේ නෑ. මට සිහිය නැති වුණා කියනවා. මට අමතක වුණා. එහෙම තොරතුරක් දන්නේ නෑ කියනවා. ඔය වගේ තමයි අමතක වෙන, දන්නේ නැති, සිහිය නැතිවෙන මේ තොරතුරු තමයි ජනතාවට ගෙනල්ලා දෙන්නේ. අපි ඕක ඇහුවේ නැත්නම් ඕක ජනගත වෙනවා. ඔය වගේ අභූත චෝදනා තමයි විපක්ෂය හැමවෙලේම ගේන්නේ. මේක දේශපාලනය ගාව ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ජාතික ප්‍රශ්නයක්. එවැනි ජාතික ප්‍රශ්නයක දීත් අභූත චෝදනා විපක්ෂය නඟනවා නම් තමුන්නාසේලාට හිතාගන්න පුළුවන් අනිත් දේ ගැන කොහොම චෝදනා ද කියලා. විපක්ෂයක් හැටියට චෝදනා නගන්න පුළුවන් රජයට. නමුත් ඒවා සත්‍ය තොරතුරු වෙන්න ඕනේ. ජනතාව මුලා කරන තොරතුරු වෙන එක හොඳ නෑ. ඒවා නෙමෙයි අපි දේශපාලඥයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ.“
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ 14 වන අදියර අද ගාල්ල, හික්කඩුව, ගලගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත් වු අතර එයට සහභාගී වු ජනාධිපතිවරයා එම අදහස් පළ කර සිටියා.
පාස්කු ප්‍රහාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.
පසුව ඊට අදාළ ප්‍රකාශයක් ලබාදීමට ගිය මන්ත්‍රීවරයා එම ප්‍රකාශය පදනම් විරහිත ප්‍රකාශයක් බවට ඔහු විසින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී පිළිගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.