වහබ් වාදය ගැන ප්‍රචාරය කළ රෂිඩ් අක්බාර් TID අත්අඩංගුවට

March 13, 2021 at 8:37 AM

ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු සභාපති රෂිඩ් අක්බාර් දෙමටගොඩදී පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වහාබ් වාදය සහ ජිහාඩ් වාදය සම්බන්ධයෙන් මත පැතිරවීම සම්බන්ධයෙන්

ජමාත් -අල්- ඉස්ලාමි සඟරාවේ , අල් හසනාත් යනුවෙන් වහබ්වාදය සහ ජිහාඩ් වාදය ප්‍රචාරය කරමින් ඔහු විසින් ලිපි පළකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

2018 වර්ෂයේදී මාවනැල්ලේ ප්‍රදේශයේ බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ ළඟම ඥාතියෙකු ද වනවා.