කොවිඩ් -19 වෛරසයට එරෙහිව ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීම අත්හිටුවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඒ ලේ කැටි ගැසීමේ ප්‍රවනතාවයක් පිලිබඳව ලොව රටවල් ගණනාවක් මෙම එන්නත ලබාදීම අත්හිටුවීමට තීරණය කර ඇති අවස්ථාවකයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කලේ එන්නත්කරණය සම්බන්ධයෙන් වන විශේෂඥ කමිටුව සඳහන් කර ඇති පරිදි ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධයෙන් ලැබෙන දත්ත යහපත් බවයි.
එමෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් මේ දක්වා මිලියන 260ක් එන්නත් මාත්‍රා ලබාදීම සිදුකර ඇති බවත් කිසිදු මරණයක් එන්නත්කරණය හේතුවෙන් වාර්තා වී නොමැති බවයි.
ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදුන් පුද්ගලයින්ට ලේ කැටි ගැසීමේ ප්‍රවනතාවයක් ඇතිවීම හේතුවෙන් ඩෙන්මාර්කය, නොර්වේ සහ අයිස්ලන්තය ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
මේ අතර ඉතාලිය සහ ඔස්ට්‍රියාව ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය තහනම් කර ඇති අතර තායිලන්තය සහ බල්ගේරියාව සිය එන්නත්කරණ වැඩපිලිවල ප්‍රමාද කිරිමට තීරණය කර තිබෙනවා.
කෙසේ වුවත් යුරෝපා වෛද්‍ය ඒජන්සිය, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලොවරටවල් රැසක වෛද්‍ය විශේෂඥයින් ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා.