දකුණු අප්‍රිකානු ප්‍රභේදය පළමු වරට මෙරටින් වාර්තා වෙයි

March 12, 2021 at 3:37 PM
දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින B.1.351 කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ රෝගියෙකු පළමු වරට මෙරටින් වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. මෙම වෛරසය ආසාදනය වූ රෝගියා මෙරට නිරෝධායන මධ්‍යස්ථානයකින් වාර්තාවී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම E484K යනුවෙන් හඳුන්වන විකෘති ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු මහියංගණය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි ඔහු සඳහන් කලේ.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වන B.1.1.7 නම් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් සිව්දෙනෙකු ද නිරෝධායන මධ්‍යස්ථාන තුලින් හමුවූ බවයි ආචාර්ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් සඳහන් කළේ.

මිට අමතර යුරෝපයේ ව්‍යාප්ත වන B.1 වෛරස ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු සහ බංග්ලාදේශය සහ යුරෝපයේ ව්‍යාප්ත වන B.1.1.103 වෛරස ප්‍රභේදය ආසාදනය වූ එක් රෝගියෙකු ද විදේශයන්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන තුල සිටි ආසාදිතයින් ගෙන් හමුවී ඇත.