ටික්ටොක් සමාජ ජාල මාධ්‍ය යෙදවුම තහනම් කරන ලෙස පාකිස්තානු මහාධිකරණය නියෝග කර ඇත.
එහි ඇතැම් අන්තර්ගතයන් එරට සමාජයට නොගැලපෙන බවට එරට මහාධිකරණ අගවිනිසුරුවරයා මෙම තීන්දුව ට එළඹ තිබේ.
පාකිස්තාන නියාමන බලධාරීන් එම අධිකරණ තීන්දුව ට අනුව කඩිනමින් කටයුතු කරනු ඇතැයි එරට විදුලි සංදේශ නියාමනය භාර නිලධාරියෙකු අල් ජසීරා පුවත්සේවයට පවසා තිබේ.
පාකිස්තානයේ මීට පෙරද එක් වතාවක් ටික් ටොක් යෙදවුම තහනම් කෙරුණු නමුත් එම තහනම පැවතියේ දින දහයක් පමණි .