තමන් බැලීමට පැමිණි අමුත්තෙකු සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමේ වරදට මේ වන විට බන්ධානාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක අද (11) අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ විනය ශාලාවට කැඳවා තිබෙනවා. ඒ බන්ධනාගාර අඥා පනතේ 78 වැනි වගන්තියට අනුකූලවයි.
එහිදී රන්ජන් රාමනායක සෙල්ෆි ඡායාරූපයක් ගැනීම සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබෙනවා.
ඒ අනුව බන්ධානාගර අඥා පනතේ 78 වන වගන්තිය ප්රකාරව, රන්ජන් රාමනායකට සති දෙකක කාලයක් අමුත්තන් මුණ ගැසීම තහනම් කර තිබෙනවා.