රාජ්‍ය ආයතන දහයකින් ගුවන් හමුදාවට ලක්ෂ 90ක පොල්ලක්.

March 10, 2021 at 12:03 PM

රාජ්‍ය ආයතන  දහයක් ශ්‍රීලංකා ගුවන් හමුදාව මගින් ලබා ගත් ගුවන් සේවා සඳහා අයවිය යුතු රුපියල් ලක්ෂ 90ක මුදලක්  අයකර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී  ඇතැයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අදාල ගුවන් සේවා ලබාගත් කාල සීමාව ද අමාත්‍ය වරයා හෙළිකළ අතර ඒ අනුව 2003 වසරේ සිට එම සේවාවන් ලබාගෙන ඇත.