පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මහත්වරුන් සම්බන්ධ බවට ප්රකාශ කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රි අශෝක් අබේසිංහ අද (09) දිනයේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණි බව වාර්තා වනවා.
කෙසේ වුවත් ඔහු සිදුකර ඇති ප්රකාශය ගැන කරුණු පැහැදිලි කිරීම සඳහා ඔහුගේ නීතිඥවරයෙක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
එම ප්රකාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මන්ත්රීවරයාට ඊයේ දිනයේ ද පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා තිබුණු අතර එහෙත් ඔහු එහි පැමිණ තිබුණේ නැහැ.
මන්ත්රීවරයාගේ ප්රකාශය සම්බන්ධයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්රිවරු පිරිසක් පසුගියදා කළ පැමිණිල්ලකට අනුව මන්ත්රවරයාව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.