හර්ෂණගේ සෙල්ෆිය නිසා ජේල්ර්ගේ ගේ වැඩ තහනම්

March 9, 2021 at 1:45 PM

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දී මන්ත්‍රී රංජන් රාමනායක සමග සෙල්ෆි ජායාරූපයක් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා හට ඉඩ සැලසු බව කියන ජේලර්වරයාගේ වැඩතහනම් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ දිනයේදී අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටින මන්ත්‍රී රංජන් රාමනායක ගේ සැපදුක් බැලීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා එහිදී සෙල්ෆි ජායාරූපයක් ගෙන ඇති අතර පසුව ඔහු එය සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ පළකර තිබුණා.

හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා සිය මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති බවත් සිරදඬුවම් විදින රැඳවියෙකු සමග ජායාරූප ගැනීමට ඉඩදුන් නිලධාරීන් සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙසත් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට ඊයේ උපදෙස් ලබාදී තිබුණා.