උතුර සහ උතුරු මැද පළාතේ විදුලිය ඇන හිටි

March 8, 2021 at 8:18 PM

අනුරාධපුර නව ග්‍රීඩ් උපපොළේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් උතුරු පළාතේ විදුලි සැපයුම අද රාත්‍රී 7.00 සිට ඇනහිට ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසනවා. මේ හේතුවෙන් අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ද විදුලිය ඇනහිට ඇත.

වාලච්චේන, හබරණ, පොළොන්නරු සහ වව්නියාව ග්‍රිඩ් උපපොළවල්වලින් විදුලිය බෙදා හරින ප්‍රදේශ වලද විදුලිය ඇනහිට ඇති බවයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.