මන්ත්‍රී ආශෝක අබේසිංහට CID හමුවේ පෙනී ඉන්නැයි දැනුම් දෙයි

March 8, 2021 at 6:04 PM

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ රහස් පොලිසිය හමුවට කැඳවා තිබෙනවා. අද දිනයේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතට පැමිණෙන ලෙස දැනුම් දී සිටියත් ඔහු නොපැමිණි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියා.

ඒ අනුව හෙට පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයාට දැනුම්දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ විසින් පසුගියදා පැවති ජනහමුවකදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු සහ ව්‍යාපාරිකයෙකු වන නිශ්ශංක සේනාධිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.