ලෝක කාන්තා දිනය දා කතුන් පිරිසක් උපවාසයේ.

March 8, 2021 at 12:58 PM

අලි මිනිස් ගැටුමට සාර්ථක විසඳුමක් ඇතිකිරීම පිනිස හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලා සූරියවැව වල්සපුගල දී සිදුකරන මාරාන්තික උපවාසයට අද කාන්තාවන් පිරිසක් ද එක්විය .

වල්සපුගල ගොවීන් මෙම ස්ථානයේ සත්‍යග්‍රහයක් ආරම්භ කළේ ජනවාරි 18 වැනිදායි.

පසුව එහි උපවාසයක් ඇරඹුණු නමුත් රජයේ පොරොන්දුවක් මත එය අතහැර දැමිණ.

කෙසේවෙතත් ගොවීන් ඊයේ සිට දෙවන වරටත් එහි යලි මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

මෙම මාරාන්තික උපවාසයට සහය පළ කරමින් ගොවි බිරින්දෑවරු දෙදෙනෙක් ද අද එම මාරාන්තික උපවාසයට එක්වූයේ ජාත්‍යන්තර කාන්තා දිනයද සංකේතවත් කරමිනි.