මාර්තු 15 බස්නාහිර පළාතේ පාසැල් විවෘත නොවේ

March 8, 2021 at 11:35 AM

බස්නාහිර හැර දිවයිනේ සෙසු සියලු පළාත්වල පාසල් අධ්‍යයන කටයුතු ලබන 15 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පිරිස් ප්‍රකාශ කර සිටිනවා.

සෞඛ්‍ය අංශ විසින් අනුමැතිය ලබාදී තිබෙන දිවයිනේ සෙසු පළාත්වල පාසැල් සුපුරුදු පිරිදි මෙම මස 15 වෙනිදා යලි ආරම්භ කෙරෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

සියලු රජයේ පාසැල් සහ රජයේ අනුමත පාසැල් 2021 වර්ෂයේ පළමු පාසැල් වාරය ඉකුත් පෙබරවාරි මස 25 වෙනිදා අවසන් වුවා. දෙවන පාසැල් වාරය මාර්තු මස 15 වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.