තමාව ආවේක්ෂණයට ලක්ව ඇත්දැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙරට කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් ට්විටර් සටහනක් තබමින් විමසා සිටිනවා. ඔහු ප්‍රශ්න කර සිටින්නේ, තම නිළ නිවස ඉදිරිපිට මාධ්‍ය නොමැති අවස්ථාවක තම පෞද්ගලික රැස්වීම් පිළිබඳව මාධ්‍ය ආවරණයක් ලැබෙන්නේ කෙසේ ද යන්න පිළිබඳවයි.
බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා කැනේඩියානු නිවහනේදී කැනේඩියානු මහ කොමසාරිස්වරයා හමුවීම, පසුගියදා පුවත්පත් දෙකක්, අනාවරණ කර තිබුණා.
ඊට අමතරව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය හා දකුණු කොරියානු තානාපති හමුවීම පිළිබඳව ද මෙරට පුවත්පත් අනාවරණ කර තිබිණ. බංග්ලාදේශය හා දකුණු කොරියාව යන රටවල් දෙකම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සාමාජික රාජ්‍යයන් වනවා.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් ආවේක්ෂණයට ලක්නොකරන බවයි.
එබැවින් කැනේඩියා මහ කොමසාරිස්වරයා ආවේක්ෂණයට ලක්කරන බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ද ඔහු කියා සිටියා.