කොරෝනා හමුවේ රැක ගත් මිතුරුකම.

March 8, 2021 at 6:49 AM

 

හංසනී යශෝධරා  ගාල්ලේ රිපන් බාලිකා විදුහලේ සිසුවියකි. ඇය පදිංචිව සිටින්නේ ගාල්ලේ  තලේගාන ප්‍රදේශයේ යි . ඇගේ හොඳම මිතුරිය විශ්මි විහංගාය.

 

යශෝධරාත්, විහංගාත් රිපන් බාලිකාවේ බාලදක්ෂ කණ්ඩායමේ සාමාජිකාවෝ ද වෙති.

මේ අතර විශ්මි විහංගා දියණියගේ මවට හදිසි සැත්කමක් කිරීම සඳහා ඇය ගාල්ල නගරයේ පෞද්ගලක රෝහලකට ඇතුළත් කරන අවස්ථාවේ   සැත්කමට පෙර කළ රැපිට් ඇන්ටිජන් පරීක්ෂණයේදී ඈ කොරෝනා ආසාදිත බව හඳුනා ගත්තේය.

මේ හේතුවෙන් විහංගාගේ පියාටද කළ පරීක්ෂණයේදී ඔහුද කොරෝනා ආසාදිතයකු බව තහවුරු කරගෙන තිබුණි.

මේ හේතුවෙන් රෝහලෙන් ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කෙරිණි.

මේ සිද්ධිය දැනගත් යශෝධරා දියණිය   තම නිවසට විහංගා කැඳවා   එන ලෙස සිය දෙමාපියන්ට කීවාය.

ඒ අනුව විහංගාගේ දෙමාපියන් ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන යන අතරේ ඇය යශෝධරාගේ නිවසේ නතර විය. මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ එම නිවසත් නිරෝධායනයට ලක්විය.

නමුත්  පස් දවසකට පසු විහංගා දියණිය ද පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කළ මොහොතේ හෙළිවුණේ ඇයටත් කොරෝනා වැලඳී ඇති බවය.ඒ අනුව ඇයද  ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන යද්දී යළිත් වරක් යශෝධරාගේ ගෙදර නිරෝධායනයට ලක් විය.

යශෝධරා දියණිය කළ මේ උතුම් ක්‍රියාව අගය කරමින් ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේදී විශේෂ ඇගයීමේ උළෙලක් ද සංවිධානය කර තිබුණි.

තොරතුරු  අරුණ පුවත් පත ඇසුරිණි .