තලවකැලේ මත්පැන් අළෙවිසැලේ කළමනාකරුට කොරෝනා : මත්පැන් මිලදී ගත් අයට නිරෝධායනය වෙන්නැයි සෞඛ්‍ය අංශ කියයි

March 7, 2021 at 11:32 AM

තලවකැලේ නගරයේ මත්පැන් අලෙවිසැළක කළමනාකරුවෙකුට කොවිඩ් – 19 වෛරසය අසාදනය වී  තිබෙනවා. ඒ අනුව එහි සේවය කළ සේවකයින් සියලුදෙනා ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇත.

අදාළ මත්පැන් අලෙවිසැළ ද වසාදැමීමට පියවර ගෙනඇති අතර ප්‍රදේශය විෂබීජහරණය කිරීමට ද සෞඛ්‍ය බලධාරීන් පියවර ගනු ලැබුවා.

කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු කළමනාකාරවරයා මීට දින කිහිපයකට පෙර කොළඹ සිට පැමිණ තිබූ බවද අනාවරණය වී ඇත්තේ.

ඔහුට මතුව තිබූ රෝග ලක්ෂණ නිසා සිදුකර තිබූ PCR පරීක්ෂණයකින් ආසාදිතයෙකු ලෙස හඳුනාගැණුනු බවද කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සෞන්දර් රාගවන් පැවසුවා.

මේ හේතුවෙන් අදාළ මත්පැන් අලෙවිසැළෙන් මත්පැන් මිලදී ගත් පිරිස් සිටී නම් ස්වයං නිරෝධායනය වී රෝගය පැතිර යෑම පාලනය කරගැනීම සඳහා සහාය දක්වන ලෙස තලවකැලේ ලිඳුල නගර සභාවේ වැඩබලන සභාපති එස්. භාරතිදාසන් ඉල්ලා සිටියි.