කොවැක්ස් පහසුකම යටතේ පළමු එන්නත් තොගය ලංකාවට එයි

March 7, 2021 at 6:21 AM

යුනිසෙෆ් සංවිධානයේ  ජාත්‍යන්තර එන්නත් සැපයීමේ කොවැක්ස් පහසුකම යටතේ මෙරටට හිමිවන එන්නත් තොගයේ පළමු තොගය ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙරටට ගෙන එන ලදී.

මෙම වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා මිලියන 1.44ක් ලබන මැයි මාසයේ අවසානය වන විට ලැබෙන අතර එහි මුල් තොගය ලෙස මාත්‍රා 264000ක්  රැගෙන එන ලදී.

මෙම එන්නත් තොගය වයස අවු 60ට වැඩි ජනතාව ඉලක්ක කර ගනිමින් අවදානම් සහගත ප්‍රදේශ වල බෙදා හැරීමට නියමිතය.