පාස්කු ප්‍රහාරය දැන් අපේ පිටින් යවන්න හදනවා – ජනපති ගිරිබාවේදී කියයි (VIDEO)

March 6, 2021 at 1:19 PM

2019 අප්‍රේල් මස 21 වෙනිදා සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන පක්ෂ විසින් එය වත්මන් ආණ්ඩුවේ පිටින් යැවීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. “ගම සමග පිළිසඳරක්” 13 වන වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව ප්‍රදේශයේ පැවැත්වෙන අතර එහිදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

“මම විශේෂයෙන්ම දන්නවා කාදිනල් හිමිපාණන්ට වේදනාවක් තියෙනවා. කාදිනල් හිමිපාණන් කතා කිරීම සාධාරණයි. හිටපු රජයේ මැති ඇමතිවරු කතා කරනවා, බලයට ආවොත් මරණ දඬුවම දෙනවලු. උසාවියෙන් තමයි තීන්දු දෙන්නේ. රජයට කියන්න බැහැ එල්ලලා මරනවා කියලා. ඊළඟට, නැගීඑන ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා වික්‍රමසිංහ මහතා ඇතුළු රජය විසින් වඩාත් ක්‍රියාශීලි කාර්යභාරයක් ඉටු කිරීමට අසමත්වීමට හේතුව තේරුම් ගැනීමට පරීක්ෂණ කොමිෂන් සභාවට අපහසුය. අවාසනාවකට මෙන් වික්‍රමසිංහ ඇතුළු රජය මුස්ලිම් දේශපාලන පක්ෂවල සහයෝගය මත  යැපීම නිසා නැගීඑන ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ක්‍රියාකිරීමට මැලිකමක් දක්වන බවට සාක්ෂිකරුවන් කිහිපදෙනෙක් සාක්ෂි දුන්හ.  හිටපු ජනාධිපතිට පවරලා බේරෙන්න හදනවා. එදා පාර්ලිමේන්තුවට බලය අවශ්‍යයි කියලා එතුමාගෙන් බලය ගත්තානේ. දැන් ඒ අය නිශ්ශබ්දයි. අපේ රජය වගකියන්න ඕනේ කියන එක පදනම් විරහිතයි. චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. දඬුවම් ලබාදීම. අපේ වගකීම අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා. මමවත් අපේ රජයවත් පාස්කු ඉරිදා විකුණලා බලයට ආවේ නැහැ. ප්‍රාදේශීය සභා ඡන්දය තිබ්බේ පාස්කු ඉරිදට කලින්. අපි ප්‍රාදේශීය සභා ඡන්දය දින්නා. පැවති රජය ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දුන්නේ නැහැ. බුද්ධි අංශ නිලධාරීන් හිරේ දැම්මා. යුද්ධය කළ නාවික හමුදාපති තාම දුක් විඳිනවා. ජාතික ආරක්ෂාව ගැන තැකීමක් කළේ නැහැ. සමහර පක්ෂ කළු කොඩි දානවලු. පාස්කු සිද්ධියේදී කළු කොඩි දැම්මේ නැහැ. සමහර කොමිෂන් සභා වාර්තා දකින්නත් නැහැ. මේක මාසයකට අඩු කාලයකින් එළියට ආවා. පාර්ලිමේන්තුවේ විවාද කරනවා. ප්‍රමාද කළා කියලා කියන්න බැහැ. අපිට හංගන්න අවශ්‍යතාවක් නැහැ. කිසිකෙනෙක් සන්තෝෂ කරන්න අවශ්‍ය නැහැ. ජනතාව 2/3ක බලයක් දුන්නා.”

“සමහර අය කියනවා මම ෆේල් ලු. මම ෆේල් නෑ. මම අවුරුදු 20ක් රට වෙනුවෙන් වැඩ කළා. ආරක්ෂක ලේකම් විදිහට යුද්ධය අවසන් කළා. ඒ ඇති මට ගෞරව උපාධියක් ගන්න. ජනාධිපතිකමෙන් හම්බවෙන්නේ බෝනස් මාක්ස්. ඉතින් මම පාස්වෙලා හුඟාක් කල්.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,