පාර මාරුවූ හැටි (VIDEO)

March 5, 2021 at 3:51 PM

පෑලියගොඩ ප්‍රදේශයේ දී පාර හරහා මාරුවිමට ගිය තරුණයෙකු උදෑසන කාලයේදී වාහන ධාවනය සඳහා ලබා දෙන අමතර මංතීරුවේ ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් පසු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

මේ අතර පොලිස් මුලස්ථානය සඳහන් කළේ ගතවු පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් තුවාල ලබා ඇති සංඛ්‍යාව 40 ක් බවයි.

එමෙන්ම ගත වු පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මියගිය පුද්ගලයින් 06 දෙනෙකු පදිකයින් බවයි.

05 දෙනෙකු යතුරුපැදි අනතුරුවලින් මියගොස් ඇති අතර , දෙදෙනෙකු ත්‍රීරෝද රථ අනතුරුවලින් මිය ගොස් ඇත.

තවත් දෙදෙනෙකු පාපැදි සහ වෑන් රථ අනතුරුවලින් මියගොස් තිබේ.

පෑලියගොඩ සිදුවූ රිය අනතුරේ අවස්ථාවයි මේ …

https://fb.watch/41LTiE_W4d/