ජාතික හැඳුනුම්පතේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට තහවුරු කිරීමේ විශේෂ වැඩපිළිවලක් ආරම්භ කෙරේ

March 5, 2021 at 3:18 PM

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජාතික හැඳුනුම්පත් තොරතුරු මාර්ගගතව (Online) තහවුරු කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් අරම්භකර ඇති බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර සිටියි.

මෙරට පිහිටි රාජ්‍ය ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, බැංකු හා මූල්‍ය ආයතන, දුරකථන සේවා සපයන ආයතන, රක්ෂණ සමාගම් යනාදී ආයතනවල සේවා අවශ්‍යතාවයන් ඉටු කරගැනීමේ දී එම ආයතනවල සේවාලාභීන්ගේ කැමැත්ත මත ජාතික හැඳුනුම්පත් තොරතුරු මාර්ගගතව සහතික කිරීම සඳහා මෙම වැඩපිළිවෙල මගින් අවස්ථාව සැලසෙන බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

මෙම වැඩපිලිවල හරහා පුද්ගල දත්ත ද්විත්ව වීම සහ වංචනික ක්‍රියා වැළැක්වීමට හැකියාවක් ලැබෙන බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.