තරබාරු ජනගහණය අඅධික රටවල කොවිඩ් මරන අනුපාතය ඉහළ බව අධ්‍යනයකින් හෙලිවී තිබෙනවා.
ඇමෙරිකානු ජෝන් හොප්කින්ස් සරසවිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත ඇසුරින් කළ අධ්‍යනයකදී මේ බව හෙලිවූ බවයි වාර්තා වන්නේ.
ඊට අනුව වැඩිහිටි ජනගහණයෙන් අඩකට වඩා පිරිසක් ස්ථුලතාවයෙන් පෙළේ නම් එම රටවල කොවිඩ් මරණ අනුපාතය දසගුණයකින් ඉහළ බව දැක්වෙනවා.
මෙතෙක් ලොවපුරා සිදුව ඇති කොවිඩ් මරණ ලක්ෂ 25 අතුරින් 90%ක් ම වාර්තා වී ඇත්තේ ස්ථුලතාව අධික රටවලින් බවද එහි දැක්වෙනවා.