කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් මාධ්‍යවේදියෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද අළුයම සේවා අවශ්‍යතාවයක් මත දෙරණ මාධ්‍ය ආයතනයට අයත් මාධ්‍යවේදීන් පිරිසක් රැගත් වෑන් රථය මාර්ගය අයිනේ ගසක හැපී මෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරට ලක්වූ වෑන් රථයේ රියදුරු අසුනට යාබද අසුනේ සිටි අද දෙරණ ප්‍රවෘත්ති අංශයේ සහය කැමරා ශිල්පියෙකු වන තරුපති උවිඳු සමරකෝන් බරපතල තුවාල ලබා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.