යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී නව මස් වියැති බිළිඳෙකු ට පහර දීමේ සිද්ධිය ක් සම්බන්ධයෙන් එම දරුවාගේ මව අත් අඩංගුවට ගෙන ඇත.
දරුවාට පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම ගැන පරීක්ෂණ ආරම්භ කල පොලීසිය මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අදාල කාන්තාව මැදපෙරදිග සේවයේ යෙදී සිට මෙරටට පැමිණ ඇත්තේ මීට මාස කීපයකට පෙරයි.
තම සැමියාද විදෙස්ගතව සිටින අතර ඔහු මුදල් නොඑවීම ගැන තමා මානසික පීඩනයකින් සිටින බවයි ඇය පොලීසියට පවසා ඇත්තේ.