ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 352 දෙනා ගෙන් 112 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
කොළඹින් වාර්තා වූ ආසාදිතයින් අතුරින් 56 දෙනෙකු තලංගම ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 57 දෙනෙකු වාර්තා වී ඇත.
ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 16ක්, මහනුවර 18ක්, කුරුණෑගල 14ක්, රත්නපුර 50ක්, ගාල්ල 24ක්, අම්පාර 02ක්, කෑගල්ල 06ක්, බදුල්ල 08ක්, මාතලේ 07, නුවරඑළිය 25, අනුරාධපුර 04, හම්බන්තොට 02, මඩකළපුව 02, පොළොන්නරුව 01, කිලිනොච්චි 02ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.
ඊට අමතරව විදේශ ගතව සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
ඊයේ දිනයේදී මෙරට PCR පරීක්ෂණ 10,421ක් සිදුකර ඇත.
අද දිනය වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 83,242ක් වන අතර ඉන් 78,947 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
දැනට රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 3,824ක් පමණයි.
ඊයේ දිනයේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 07ක් වාර්තා වූ අතර මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 471ක් වේ.