පොලිස් ජීප් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට (PHOTOS)

February 28, 2021 at 11:41 AM

කටුපොත ප්‍රදේශයේ දී කටුපොත පොලීස් ස්ථානයට අයත් ජීප් රථයක් හා වන්දනා ගමනකට සහභාගි වූ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝදරථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (28) උදෑසන සිදුවූ අනතුරකින් ත්‍රීරෝදරථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි දරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් පොලිස් ජීප් රථයේ ගමන කරමින් සිටි නිලධාරීන් දෙදෙනාද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

සිද්ධියේ ජායාරූප පහතින්:

May be an image of one or more people, people standing, motorcycle, road and text

May be an image of outdoors

May be an image of outdoors and text that says '0 Accidenti st.'

May be an image of outdoors and text

( ජායාරූප ස්තුතිය : Accident 1st)